කොන්දොස්තර නැතිව ‘බස් දුවන්න’ සුදානමක් – මුදල් ගෙවන්නේ මෙලෙසයි

කොන්දොස්තර නැතිව ‘බස් දුවන්න’ සුදානමක් – මුදල් ගෙවන්නේ මෙලෙසයි

කොන්දොස්තර වරයෙක් නොමැතිව බස් සේවාවන් පවත්වාගෙන යාමට හැකි ක්‍රමවේදයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ බස් රථ කර්මාන්තයේ නිරත පිරිස් අවදානය යොමු කර තිබෙනවා.

මගියාගේ අත රැඳී කාඩ්පත හෝ ස්මාර්ට් ජංගම දුරකථනය යොදා ගනිමින් මුදල් ගෙවීමේ ක්‍රමයක් මේවන විටත් යෝජනා වී ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවිය වෙත සඳහන් කළා.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ පසුව මේ පිළිබඳව අත්හදා බලන බව ඔහු කියා සිටියා.

Share This