

අද කාලගුණික තත්ත්වය
අද (31) දිනයේ සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා තිබෙන්නේ.
තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී 40 – 50 ක් පමණ දක්වා වැඩි විය හැකි බවත් එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබෙනවා.