

අද කාලගුණ ගැන ඔබ දැනුවත් ද ?
අද (03) දින නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල මෙන්ම සබරගමුව පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.