

අද දවසේ කාලගුණය
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි.
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී 40 – 50ත් අතර තද සුළං ඇති විය හැකියි.