අද දවසේ කාළගුණික තත්ත්වය

අද දවසේ කාළගුණික තත්ත්වය

අද (22 ) දිනයේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තවද වයඹ පළාතේ වැසි වාර කිහිපයක් විය හැකි අතර දිවයින හරහා විටින් විට පැ.කි.මී 40 – 50 දක්වා වන තරමක තද සුළං ද ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට මන්නාරම, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා ඉහළ යා හැක.

Share This