අධිවේගී මාර්ගයේ වංචාව ඇල්ලූ STF මෙහෙයුම (VIDEO)

අධිවේගී මාර්ගයේ වංචාව ඇල්ලූ STF මෙහෙයුම (VIDEO)

ඉදිකෙරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා යොදවා ඇති වාහනවලින් ඉන්ධන සොරකම් කිරීමක් පිළිබඳව වාර්තාවෙනවා.

ඒ අනුව එලෙස ඉන්ධන ගන්නා අවස්ථාවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීමක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 7දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව සැකකරුවන් සමඟ ඉන්ධන පුරවන ලද බවුසරයක් හා තවත් ට්‍රක් රථ 5ක් ද සහ ටැක්ටර් රථයක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන සමාගමක් මඟින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා යොදවා ඇති වාහනවලින් සැකකරුවන් පිරිසක් දීර්ඝ කාලයක් පුරා එම ඉන්ධන ජාවාරම සිදුකර ඇතැයි තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

Share This