

අනවසරයෙන් කොළඹ වරාය නගරයට සිව්දෙනෙක් රැගෙන ගිය චීන ජාතිකයා
චීන ජාතිකයෙකු විසින් පුද්ගලයින් හතර දෙනෙකු අනවසරයෙන් කොළඹ වරාය නගරය තුළට රැගෙන යාමට තැත් කර තිබෙනවා
ඒ අවස්ථාවේදී වරාය අධිකාරියේ නිලධාරීන් එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,එම චීන ජාතිකයා කොළඹ වරාය නගරය තුළ ඉදි වෙමින් පවතින අධිවේගී මාර්ගයේ මිනිස් ශ්‍රමය සපයන සමාගමක හිමිකරුවෙකු බවයි.
වරාය අධිකාරි නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
අදාළ සමාගම් හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, සමාගමේ සේවකයන්ගේ අඩුවක් ඇති වීම හේතුවෙන් එහි රාජකාරි සඳහා ඔවුන් රැගෙන යන බවයි .
කෙසේ වෙතත් වරාය තුළට පුද්ගලයින් රැගෙන යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ
ඒ සඳහා බලපත්‍ර ලබා ගත යුතු අතර එසේ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන් මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අද ( 19) දින කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි