අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ ‘පළමු දිනුම’ යළිත් ලංකාවේ තරුණයෙක්ට(VIDEO)

අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ ‘පළමු දිනුම’ යළිත් ලංකාවේ තරුණයෙක්ට(VIDEO)

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ඩුබායිහි සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබි බිග් ටිකට් (“Abu Dhabi Big Ticket” ) නැමැති ලොතරැයියේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 15 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

එසේම එම ලොතරැයි තරගයේ හත්වැනි දිනුම වූ ඩිරාම් 60,000ක මුදලද වෙනත් ශ්‍රී ලාංකිකයෙකු විසින් ද ජයග්‍රහණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මෙම ලොතරැයි ඇදීමෙන් පළමු දිනුමක් ලබා ‌ඇත්තේ ඩුබායි අවුරුදු 16කට ආසන්න කාලයක් හි සිවිල් ඉංජිනේරුවෙකු ” ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන ජේ.ඩී.එස්.රසික නැමත්තෙකි.

ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 81 කට ආසන්නයි.

එම ලොතරැයි ඇදීමේ තරගයේ හත්වැනි දිනුම ලබා ගෙන ඇත්තේ සුලෙන්තිරන් රසේන්දිරන් නැමැති ලාංකිකයෙකු වන අතර ඔහුගේ ලොතරැයි දිනුම මෙරට මුදලින් රුපියල් තුන් කෝටියකට වඩා වැඩි මුදලකි.

Share This