

අභිනව නවසීලන්ත මහ කොමසාරිස් අධිකරණ ඇමැති හමු වෙයි
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත් වු මයිකල් ඇපල්ටන් (Michael Appleton ) මහතා අතර හමුවක් අද (29) අධිකරණ අමාත්‍යාංශයේදී පවත් වුණා.
දෙරට අතර පවතින අන්‍යොන්‍ය සහයෝගීතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ මෙහිදී මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම නව නීති ප්‍රතිසංස්කරණ කිරීම සඳහා සිදු කර ඇති වැඩ පිළිවෙළ පිළිබඳව මෙහිදී අමාත්‍යතුමා විසින් මහ කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවතින බවත් මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා නවසීලන්ත රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් අධිකරණ අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් දන්වා තිබෙනවා.