

අලි 18කට මරු කැඳවූ අකුණ
අකුණු සැර වැදීමක් හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අලි 18 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැතියෝටෝලි කඳුවැටියේ යෝජිත රක්ෂිත වනාන්තරයක බවයි වාර්තා වන්නේ.
ගම්වැසියන් ගෙන් ලද තොරතුරු අනුව රක්ෂිතයට ගොස් කළ පරික්ෂා කිරීමකදී මියගොස් සිටි වන අලින් 18 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
https://t.co/4ci4j9rymJ pic.twitter.com/y67CGBwIEz
— Hemanta Kumar Nath (@hemantakrnath) May 13, 2021