අවිශ්ක සහ භානුකගේ පිතිහරඹ මැද ලංකාව ජයගත් අයුරු (PHOTOS )

අවිශ්ක සහ භානුකගේ පිතිහරඹ මැද ලංකාව ජයගත් අයුරු (PHOTOS )

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 225 රැස් කළ අතර ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන කඩුලු 7ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් රැස් කරමින් ද භානුක රාජපක්ෂ ලකුණු 65ක් රැස් කරමින් ද ජයග්‍රහණය සඳහා මංපෙත් විවර කරනු ලැබුවා.

ඒ අනුව දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ජය 2-1ක් ලෙස හිමිකර ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

 

Share This