

ඇසළ මහා පෙරහර වෙනුවෙන් අළුයම් යාමයේ සතර කෝරළයේ දී කප් කැපේ
ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින් “කප කැපීම” රාජ්‍ය වර්ෂ 2021ක් වූ නිකිණි මස 08 වෙනි අද අලුයම 4.10ට යෙදුණු සුබ මොහොතින් අළුත්නුවර දී සිදු කෙරුණා.
එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන්.
අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන එන කප පුද පූජා පවත්වා දර්ශනීය පෙරහැරකින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය වෙත අනතුරුව වැඩමකරවන අතර, එය අද සවස 3.10ට යෙදෙන සුබ මොහොතින් කප සිව්මහා දේවාල වෙත බෙදා දීමට නියමිතයි.
අනතුරුව හෙට(09) දින කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි.