ඇස්ට්‍රාසෙනෙකා  එන්නත ගැන දී ඇත්තේ යල්පැන ගිය දත්ත?

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන දී ඇත්තේ යල්පැන ගිය දත්ත?

ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් හඳුන්වා දුන් කොවිඩ් 19 එන්නත පිළිබඳව සායනික අත්හදා බැලීම්වලන් සපයන ලද තොරතුරුවල යල් පැනගිය දත්ත ඇතුළත් කර ඇතැයි අමෙරිකාවේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය චෝදනා එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත මගින් රෝග ලක්ෂණවලට එරෙහිව 79%ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු රෝග හා රෝහල් ගතවීම්වලට එරෙහිව 100%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව එක්සත් ජනපදය පදනම් කරගත් නව සායනික පරීක්ෂණයක් පෙන්වා දී ඇති බවට පසුගිය දිනක එම සමාගම සිදුකළ නිවේදනය සත්‍ය නොවන බව පැවසෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනාවත් සමග ප්‍රකාශයක් නිකුත් කරමින් ඇස්ට්‍රාසෙනෙකා සමාගම කියා සිටියේ, එක්සත් ජනපදයේ එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව සමග සම්බන්ධ වී වැඩිදුර දත්ත පැය 48ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

Share This