

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට පණිවිඩයක්
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ මෙරටට ලැබීමට නියමිත වනවා.
එම එන්නත් තොගය මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නත ලබාගෙන සිටින පිරිසට දෙවන මාත්‍රාව ලෙස ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනට යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එමෙන්ම ලබන සෙනසුරාදා දිනයේත් මෙවැනිම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.