

ඉන්දියාවේ කොරෝනා මරණ මිලියනයකට ආසන්න වනු ඇති බවට අනාවැකි
ඉන්දියාවේ දිනෙන් දින කොවිඩ් ආසාදිත මරණ ඉහළ යෑම හේතුවෙන් මෘත දේහ ආදාහනයට ඉඩකඩ නොමැති වීම නිසා ගංගාවලට දමා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් තුන්ලක්ෂ හැටහය දහස ඉක්මවා වාර්තා අතර කොවිඩ් මරණ 3,700කට සංඛ්‍යාවක් වාර්තා වූ බවයි සඳහන් වන්නේ.
එමෙන්ම මෙම වසරේ අගෝස්තු මාසය වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් හා සුප්‍රසිද්ධ වෛද්‍ය සඟරාවක් ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යන ආකාරය සැලකිල්ලට ගෙන එම සංඛ්‍යාව අනුමාන කළ හැකි බවයි අදාළ වෛද්‍ය සඟරාව වාර්තා කරන්නේ.
අප්‍රේල් මාසයේදී ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන තෙක් එරට කාර්යය සාධක බලකාය මාස කිහිපයකින් රැස්ව නොමැති බවට මේවනවිට චෝදනා එල්ල වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එබැවින් ඉන්දියාව වර්තමානයේ මුහුණ පා ඇති ව්‍යවසන තත්ත්වයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන රජය වගකිව යුතු බවට ද වෛද්‍ය විශේෂඥයින් චෝදනා කරනවා.
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය රට තුළ පැතිර යමින් ඇති බවට සෞඛ්‍ය අංශ කොතෙකුත් අනතුරු ඇගවීම් නිකුත් කළ ද සංචරණ සීමා හෝ පැනවීමට රජය කටයුතු නොකළ බවටද වෛද්‍ය විශේෂඥයින් චෝදනා කර තිබුණා.