

ඉන්දියාවේ දී අමාෂා ද සිල්වා ලංකාවට රිදී පදක්කමක් හිමි කර දෙයි
ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා උළලේ කාන්තා මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට මෙරට නියෝජනය කළ අමාෂා ද සිල්වා සමත්ව තිබෙනවා.
අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා උළලේ කාන්තා මීටර 100 දිවීමේ ඉසව්වේ අවසන් තරගය ඊයේ (27) ඉන්දියාවේ පටියාලාහීදී පැවැත්වුණු අතර ඇය තත්පර 11.59 ක කාලයක් වාර්තා කරමින් තරග ඉසව්ව අවසන් කළා.
අමාෂා ද සිල්වා වර්තමාන කණිෂ්ඨ දකුණු ආසියානු කාන්තා මීටර 100 සහ මීටර 200 ඉසව්වල රන් පදක්කම් ලාභිනිය ද වනවා.