

ඉන්දියාව තවදුරටත් අසරණ කරමින් කොවිඩ් මළ සිරුරු 71 ගඟේ පාවේ
ඉන්දියාවේ කොවිඩ් -19 හේතුවෙන් මිය ගිය යැයි පැවසෙන පුද්ගලයන්ගේ මළ සිරුරු ගංගාවල පාවෙමින් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට එලෙස පාවෙමින් තිබියදී මළ සිරුරු 71 ක් සොයා ගෙන තිබෙන අතර ඒවා දිස්ත්‍රික් පරිපාලනය විසින් එලෙස ගංගාවලට බැහැර කර ඇති බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
නමුත් මෙලෙස ගංගාවල පාවෙන මළ සිරුරු සම්බන්ධයෙන් තවත් අදහසක් මතුව තිබෙනවා.
ඒ අනුව මෙම මළ සිරුරු කොවිඩ් ඒවා බව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකරමින් ඉන්දීය සහකාර පොලිස් අධිකාරී, අනූප් කුමාර් පවසන්නේ එම ගංගාවන් අවට ගම්වල බොහෝ පවුල් තවමත් මළ සිරුරු ගඟේ ගිල්වීමෙන් මෝක්ෂය ලැබෙන බව විශ්වාස කරන බවත්, ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව ආදාහනය කිරීමට වඩා මළ සිරුරු ජලයේ පාකර හැරීමට කැමති බවත් ය.