

ඉන්දීය හා බ්‍රිතාන්‍ය ප්‍රභේදයන්ගේ දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් වියට්නාමයෙන් හමු වෙයි
වියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්‍රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර එය ඉක්මනින් ගුවන් මගින් ව්‍යාප්ත විය හැකි බවයි විද්‍යාඥයින්ගේ මතය වන්නේ.
වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍ය ගුයීන් තන් ලෝන්ග් ඊයේ (29) දින ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ නවතම විකෘතිය කොවිඩ් ප්‍රබේදය “ඉතා භයානක” බවයි.
පෙර හඳුනාගෙන ඇති වෛරස ප්‍රභේදවලට වඩා ඉහළ සම්ප්‍රේශණ හැකියාවකින් යුත් නව ප්‍රභේදයේ ජාන දත්ත ඉක්මණින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් වියට්නාමයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබෙනවා.