

ඉරබටු තරුව තරණයට නාසා සූදානම් වෙයි
සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා නව මෙහෙයුම් දෙකක් සිදු කිරීමට නාසා ආයතනය සුදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සිකුරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානා 02 ක් යැවීමට නාසා ආයතනය සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වන බවයි නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන්නේ
ඒ අනුව 2028 සහ 2030 අතර කාලයේදී එම යානා පිටත්කර යැවීමටයි සැළසුම් කර ඇති අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 500 ක්.
සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වය අධිකම ග්‍රහයා ලෙස සැලකෙන සිකුරු ගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 500 ක් බවයි පැවසෙන්නේ.
සිකුරු ග්‍රහලොව සූර්යයා ගේ සිට දෙවනුවට ළගින් ඇති ග්‍රහලෝකය වන අතර එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වනවා.