

ඉරාකයේ කොවිඩ් රෝහලක ගින්නකින් 50කට අධික පිරිසකට දිවි අහිමියි – රෝහල් ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග
ඉරාක නගරයක් වන නසිරියා හි රෝහලක කොවිඩ් 19 වෛරස රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම ගින්නට හේතුව පැහැදිලි තවමත් තහවුරු වී නැතත්, එය ආරම්භ වූයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් පසුව බවට මත පලවනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට ඉරාක අගමැති මුස්තාපා අල් කද්මි නියෝග කර තිබෙනවා.
ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.