ඉෂාලිනීගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්

ඉෂාලිනීගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියදී මියගිය දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත, අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම්කර තිබෙනවා.

එම වෛද්‍ය නිලධාරී කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ අයත්වනවා

මෙම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් ලබන සිකුරාදා (30) දැරියගේ අවසන් කටයුතු සිදු කළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියෙන් දේහය ගොඩගැනීමට නියමිතයි.

එම ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ අදාළ කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙහිදී දැරිය මියගිය ආකාරය, ඇය දුෂණයකට ලක්වී ඇත් ද ? එසේ නම් එම කාල පරිච්ඡේදය කුමක් ද යන්න මෙන්ම මෙම දැරියට කෘර වදහිංසා හෝ වෙනත් හිංසන සිදුකර ඇත් ද යන්න ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් වාර්තා ලබාගැනීමට නියමිතයි.

 

Share This