

ඊශ්‍රායලය සටන් විරාමය අත්හරියි – නැවතත් ගැටුම් අරඹයි
එළඹුණු සටන් විරාමය අත්හරිමින් ඊශ්‍රායලය විසින් නැවතත් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අද (16) දිනයේ ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊශ්‍රායලය වෙත ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් පලස්තීන සටන්කාමීන් විසින් යැවීම හේතුවෙන් මෙලෙස ඊශ්‍රායලය ප්‍රහාර දියත් කිරීම ඇරඹු බවයි වාර්තා වන්නේ.
දින 11ක් පුරා පැවති දරුණු යුද ගැටුම්වලින් අනතුරුව දෙපාර්ශ්වය මැයි 11 වැනිදා සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කරා.
ඊශ්‍රායල ආරක්ෂක අංශ සමඟ ඇති වූ මෙම ගැටුම්වලින් පසු පලස්තීන විරෝධතාකරුවන් තිස් තිදෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.