

එක් දරු ප්‍රසුතියකින් දරුවන් 10ක් බිහි කළ මවක්
දකුණු අප්‍රිකානු කාන්තාවක් එක් දරු ප්‍රසූතියකින් ළදරුවන් 10 දෙනෙකු බිහි කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගොසියාම් තමාරා සිතෝල් නමැති කාන්තාව විසින් මෙම දරුවන් දස දෙනා නිරෝගිව බිහි කර ඇති අතර පිරිමි දරුවන් හත්දෙනෙකු හා ගැහැණු දරුවන් තිදෙනෙක් මෙලෙස උපත ලබා තිබෙනවා.
පුර්ව ප්‍රසව ස්කෑන් පරීක්ෂණයක් හරහා දරුවන් 8 දෙනෙක් හඳුනා ගෙන ඇති අතර දෙදෙනෙක් එම පරීක්ෂණය හරහා පෙන්වා නැහැ
මෙය ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත්වන දෙයක් බවත් ඒ පිළිබඳව තවදුරටත් එම කමිටුව සොයා බලන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.