

“එන්නත ගන්නවාද? හිරේ යනවාද? පිලිපීන ජනපතිගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්
කොවිඩ් වයිරසයට එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් සිරගත කරන බවට තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“එන්නත ගන්නවාද? සිරගතවනවාද? ඔබම තෝරාගන්න” යනුවෙන් ජනාධිපතිවරයා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පවසා ඇති බවයි වාර්තාවන්නේ.
පිලිපීනයේ ජනගහණය මිලියන 110 ක් පමණ වන අතර පිලිපීන බලධාරීන් විසින් ජුනි 20 වන විට මිලියන 2.1 කට ආසන්න ප්‍රමාණයකට එන්නත් ලබා දී තිබෙනවා.
කෙසේ වුවද මේ වසර තුළ මිලියන 70 ක් දක්වා ජනතාවට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ රජයේ බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ