

එළඹෙන සඳුදා සිට පොලිසියෙන් අලුත් වැඩක්
ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ප්‍රජා පොලිස් ඒකකය හරහා ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ලබන සදුදා (19) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
මෙම නව වැඩපිළිවෙලේ අරමුණ අපරාධ නිවාරණ පොලිස් රාජකාරියන් , සෘජුවම ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකක හරහා සිදුකරවා ගැනීම බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.