

ඔක්සිජන් හිගයෙන් විනාඩි 5ක් තුළ 11ක් මරුට – ඉන්දියාවේ රෝහලක සිදු වූ දරුණු ඛේදවාචකය
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තිරුපති Ruia රෝහලේ විනාඩි 5ක් කාලයක් ඔක්සිජන් සැපයුම ඇණහිටීම හේතුවෙන් රෝගීන් 11 දෙනෙක් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම තවත් රෝගීන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් පැවසෙනවා.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 3876 වනවා.