

ඔලිම්පික් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 46.2ක්
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් චෙක්පත ලබාදෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දී ඊයේ (15) මේ බව සඳහන් කළා.
ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනුවෙන් දරණ පිරිවැය සහ ලබාදෙන පහසුකම් විස්තර කළ අමල් එදිරිසුරිය මහතා ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම ඔවුන් වෙත හිමිකරදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්ව ගත් බව පෙන්වා දුන්නා.
ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා ලබාදෙන දීමනාවන් සහ පහසුකම් පහත සඳහන් පරිදි වනවා.
අ. තරග ඉසව් සඳහා දක්‍ෂතා මත සෘජුවම සුදුසුකම් ලැබු ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් තිදෙනෙකු වෙත අමරිකානු ඩොලර් 15,000 බැගින් ලබා දීම.
ආ. තරග ඉසව් සඳහා වෙනත් පදනමකින් (Bipartite/ Tripartite සහ වෙනත්) සුදුසුකම් ලැබු ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සයදෙනෙකු සඳහා අමරිකානු ඩොලර් 10,000 බැගින් ලබාදීම.
ඇ. සුදුසුකම් ලබාගත් ක්‍රීඩක/ ක්‍රිඩිකාවන්ගේ පුහුණුකරුවන් සයදෙනෙකු සඳහා අමරිකානු ඩොලර් 5,000 බැගින් ලබාදීම.
2. සහභාගී වන සියලුම ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සඳහා ව්‍යාපාරික පන්තියේ (Business Class) ගුවන් ගමන් පහසුකම් ලබා දීම.
3. සියලුම ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා දෛනික දීමනාවක් ලෙස ඇමරිකානු ඩොලර් 40 බැගින් තරගාවලියට සහභාගී වනු ලබන කාල සීමාව සඳහා ලබා දීම.
4. තරගාවලියට සහභාගීවීමට පෙර සියලුම ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ප්‍රධාන පෙළේ තරු පන්තියේ සංචාරක හෝටලයක් වන සිනමන් ග්‍රෑන්ඩ් හි (Cinnamon Grand) ජෛව බුබුලකට ඇතුළත් කර පූර්ව නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සපයාදිම.
මීට අමතරව 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිනමන් ලයිෆ් ශ්‍රී ලංකා (Cinnamon Life Sri Lanka) සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන කණ්ඩායම සඳහා ජපානයේ ටෝකියෝ නුවර ‘‘ෆ‘‘ තරු පහේ හෝටලයේ සම්පූර්ණ මහලක සියලු පහසුකම් ද සමගින් නවාතැන් ලබාදීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.