

ඔලිම්පික් ගිය ඇමැතිවරයෙක් ගිය හැටි ගැන කරුණු කියයි
ඇමතිවරුන් ඔලිම්පික් නරඹන්න ගියේ රජයේ මුදලින්ද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදහස් දක්වා තිබෙනවා.
ඒ අනුව ජපානයේ ටෝකියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ අමාත්‍යවරුන් පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අනුග්‍රාහයකත්වයෙන් සහභාගී වූ බවට කෙහෙළිය අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අනුව විදේශගත වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජපානයේ රැදීසිටින කාලය තුළදී වැයවන වියදම් තමා පෞද්ගලිකව දරාගන්නා බවත් කිසිදු මොහොතක රජයේ මුදල් හෝ පුද්ගලික ආයතනයක අනුග්‍රාහික මුදල් වියදම් නොකළ බවත් රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
එබැවින් රාජ්‍ය මුදල් වියදම් කර හෝ වෙනත් ආයතන අනුග්‍රහයකත්වයකින් රට සවාරි යනවා යැයි සමාජය තුළ මතයන් ඇති කිරීමේ කවුරුන්ගේ හෝ උත්සහය නිශ්ඵල බවත් එය සම්පූර්ණයෙන් බැහැර කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ.