

ඕස්ට්‍රේලියාවෙන් මෙරටට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්
සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.
නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදා ගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පවසනවා.
යාත්‍රා වල සවි කෙරෙන සම්ප්‍රේෂක (Transponders) 4200ක්, නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා වු උපාංග හා සැටලයිට් තාක්ෂණ පහසුකම් සහිත නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිතයි.
මෙහි පළමු සම්ප්‍රේෂක (Transponders) කට්ටලය අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබුවා.