කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් 3කට වැඩ වරදියි

කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් 3කට වැඩ වරදියි

මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයකුගෙන් 80000 ක් සහ හලාවත ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් 15000 ක කප්පම් මුදලක් ඉල්ලා සිටී සිටි හමුදා සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මත්කුඩු ජාවාරම දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය නම් මෙම මුදල ලබා දෙන ලෙසට මොවුන් ඉල්ලා තිබෙනවා.

හලාවත ප්‍රදේශය කාන්තාවගෙන් ඊයේ (21) දිනයේ මෙම මුදල ඉල්ලා ඇති අතර ඇය පොලිසියට කළ දැනුම්දීමක් මත මුදල් ලබා ගැනීමට පැමිණ සිටි සැකකාර හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණා.

මීගමුව ප්‍රදේශය පදිංචි පුද්ගලයාගෙන් මීට දින කිහිපයකට පෙර කිසියම් පුද්ගලයෙකු රුපියල් 80000ක මුදල ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා අනෙක් හමුදා සෙබළා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Share This