

කහ ගෑස් එකට නිල් ගෑස් එක මාරු කරන්න පුලුවන්ද?
දිවයින පුරා ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.
ලාෆ් ගෑස් සඳහා ලිට්රෝ ගෑස් හුවමාරු කරගත හැකි බවයි මිට පෙර රජය ප්‍රකාශ කළේ.
නමුත් මේ වන තෙක් අදාළ සමාගම් ඒ සඳහා අලෙවි නියෝජිතයින්ට අවසර ලබා දී නොමැති බව ඔවුන් ප්‍රකශ කරනවා.
ඒ සම්බන්ධයෙන් අප අද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසීමක් කළා.
ඒ මහතා එහිදී කියා සිටියේ ගෑස් සම්බන්ධයෙන් ගැටළුවක් පවතින අතර ඒ පිලිබඳ මේ මොහොතේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.