කැඩීගිය සරුංගලයක නූලක් මවක් සහ බිළිඳෙක් බිලි ගනී – පිය පුතුටත් තුවාලයි

කැඩීගිය සරුංගලයක නූලක් මවක් සහ බිළිඳෙක් බිලි ගනී – පිය පුතුටත් තුවාලයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස, පිටිවැල්ල නිපුණ නාවික හමුදා කඳවුර අසලදි කැඩිගිය සරුංගලයක නයිලොන් නූලක පැටලි යතුරුපැදියක් පෙරළීයාමෙන් ඊයේ (17) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් 34 වියැති මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිය පැදවු මියගිය කාන්තාවගේ සැමියා සහ හය හැවිරිදි දරුවෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිද සමග තම දෙමව්පියන් බැලිම සදහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙකී අනතුරට ලක්ව තිබෙනවා .

Share This