

කැඩී ගිය සරුංගලයක නූලක් ‘අම්මටයි පුංචි පුතාටයි මරු කැඳවූ අනතුරේ’ තවත් තොරතුරු හෙළිවේ
කැඩී ගිය සරුංගලයක නූලක් පැටලී යතුරුපැදිය පෙරලීමෙන් මව හා වයස අවුරුදු එකහමාරක දරුවෙකු මියගොස් ඇති පුවත පිළිබඳව වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා.
යතුරුපැදිය පැදවූ මියගිය කාන්තාවගේ සැමියා සහ හය හැවිරිදි දරුවෙකු ද මෙම අනතුරෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබෙනවා.
පෙරේදා (17) රාත‍්‍රි 8.20ට පමණ ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බූස්ස නාවික හමුදා කඳවුර අසලදී මෙකී අනතුර සිදුව තිබුණා.
සරුංගලයේ නයිලෝන් නූල පාර හරහා තිබී ඇති අතර යතුරුපැදිකරු විසින් එය අතින් අල්ලා ඉවත්කිරීමට යෑමේදි යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිඳ සමග ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන් කරමින් සිටියදී මෙකී අනතුරට ලක්ව ඇති බව සඳහන්.