කැනඩාවේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යයි – එය දරා ගත නොහැකිව මේ වනවිට 719ක්  මිය ගිහින්

කැනඩාවේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යයි – එය දරා ගත නොහැකිව මේ වනවිට 719ක් මිය ගිහින්

වාර්තාගත ලෙසින් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වීමත් සමඟ කැනඩාවේ බටහිර ප්‍රදේශයේ බි්‍රටිෂ් කොලොම්බියා ඇතුළු ස්ථාන රැසක ජනතාව තවදුරටත් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති අතර, ඒ අවට ස්ථාන කිහිපයකම ලැව්ගිනි පැතිර යන බවයි වාර්තා වන්නේ.

අධික උෂ්ණත්වය හේතුවේන ගෙවුණු සතියක කාලය තුළ පමණක් මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 719 දක්වා ඉහළ ගොස් ඇති බව, කැනඩා බලධාරීන් පවසනවා.

මේ අතර, උතුරු අමෙරිකාවේද ප්‍රදේශ රැසක ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ජනතාව පීඩාවවට පත්ව ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි වාර්තා වන අතර නිව්යෝර්ක් හි ජනතාවට ඝන අයිස් බෙදා දීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉරාකයේ ද බොහෝ ප්‍රදේශවල දෛනික උෂ්ණත්වය වාර්තා ගත ලෙස මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

Share This