කුම්භමේලා  ආගමික උත්සවය සංකේතාත්මකව සැමරීමේ තීරණයක්

කුම්භමේලා ආගමික උත්සවය සංකේතාත්මකව සැමරීමේ තීරණයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් රට මුහුණ දී ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ කුම්භමේලා ආගමික උත්සවය සංකේතාත්මකව පමණක් සැමරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇති බව එරට මාධ්‍ය පවසනවා.

ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දැනටමත් කුම්භ මේලා උත්සවයට එක්වූ පූජකවරුන් සහ බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී ඇති බවයි.

මේ අතර ඉන්දියාව තුළ ඉහළ සම්ප්‍රේෂණයක් පෙන්නුම් කරමින් කොවිඩ් රෝගය පැතිරයාමට මුල් වී ඇත්තේ, පසුගිය දෙසැම්බර් මාසයේදී එරටින් හඳුනා ගැණුනු ද්විත්ව විකෘති කොරෝනා වෛරස් ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ, මෙම තත්ත්වය ලොව පුරා එන්නත්කරණ ක්‍රියාවලිය ඇතුළු වෛරසය මැඩපැවැත්වීමේ උත්සාහයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවයි.

මේ අතර, සුපිරි ඉන්දීය නළු අර්ජුන් රාම්පාල් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි අද ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර තවත් බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙකුම කොවිඩ් රෝගයට ගොදුරුවී ඇති බව ද වාර්තා වුණා.

Share This