

කේරළ ගංජා කිලෝ 100කට අධික තොගයක් සමඟ දෙදෙනෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 109යි ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයට අනුයුක්ත පී 177 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර තිබුණා.
එහිදී , එම යාත්‍රාවේ තිබූ කේරළ ගංජා සහිත මළු 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එමෙන්ම, එම මුහුදු ප්‍රදේශයේ පී 015 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදි එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ තවත් කේරළ ගංජා සහිත උරයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙම සමස්ථ මෙහෙයුම් මඟින් කෙරළ ගංජා කිලෝ 109 ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 32 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි නාවික හමුදාව සැක කරනවා.