කොට්ටාවේ සිට ධාවනය වන’138 සහ 174 බස් රථ’ ධාවනයෙන් ඉවතට

කොට්ටාවේ සිට ධාවනය වන’138 සහ 174 බස් රථ’ ධාවනයෙන් ඉවතට

පසුගිය කාලයේ ධාවනය නොකළ බස් රථවලින් දඩ ගාස්තු අය කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කොට්ටාවේ සිට ධාවනය වන 138 සහ 174 මාර්ග ඇතුළු තවත් මාර්ග කිහිපයක පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළේ පසුගිය කාලයේ බස් ධාවනය සඳහා ප්‍රමාණවත් සේවකයන් නොසිටි අතර මේ වනවිටද බොහෝ බස්රථ ධාවනය සඳහා සේවකයන් නොමැති බවයි.

Share This