කොටිකාවත්තේ බුදුපිළිමය කඩද්දී අතටම හසුවේ – සැකකරුගේ පදිංචියත් සැකයි

කොටිකාවත්තේ බුදුපිළිමය කඩද්දී අතටම හසුවේ – සැකකරුගේ පදිංචියත් සැකයි

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටිකාවත්ත මං සංධියේ ප්‍රදේශයේ බුදුපිළිමයකට හා එහි වීදුරුවලට හානි කිරීමේ හේතුවෙන් පුද්ගලයකු 15 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නුවරඑළිය අඹේවල පදිංචි විජේකුමාර් නැමැත්තෙක්.

එම පුද්ගලයාගේ ලිපිනය ව්‍යාජ එකක් බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා තම පදිංචිය වසන් කළේ ඇයිද යන්න පිළිබඳවත් බුදු පිළිමයට හානි කළේ ඇයිද යන්න ගැනත් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳව අද (17) උදෑසන පත්තරේ වැඩසටහනින් ද අවධානය යොමු කළා.

Share This