කොතලාවල පනත් කෙටුම්පත සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ

කොතලාවල පනත් කෙටුම්පත සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත්, තවදුරටත් කල් ගන්නා බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

ඒ , හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ“මම දැනගන්න කැමතියි සිකුරාදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත විවාද කරනවාද නැද්ද කියලා.”

 රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ “තවදුරටත් මන්ත්‍රීවරුන්ට සහ රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව අවශ්‍යයි කියලා විශ්වාස කරන නිසා එදිනට ඒ පනත ඉදිරිපත් කරන්නේ නෑ. තව කල්ගෙන ඉදිරිපත් කරනවා.”

Share This