කොවිඩ් අතරේ රැස්වීම් පැවැත්වූ බ්‍රසීල ජනපතිට දඩ

කොවිඩ් අතරේ රැස්වීම් පැවැත්වූ බ්‍රසීල ජනපතිට දඩ

කොවිඩ් වසංගතය මැද සෞඛ්‍ය රෙගුලාසි ගැන කිසිදු තැකීමක් නොකර ජනතාව ඒකරාශී කරමින්, ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට කටයුතු කළැයි යන චෝදනාව සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ හට දඩ නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව බ්‍රසීලයේ වෛරසය හේතුවෙන් පුද්ගලයින් 446,000 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

බ්‍රසීලයේ කොරෝනා වසංගතය දරුණු වූයේ බ්‍රසීල ජනාධිපතිවරයා කිසිදු තැකීමක් නොකළ නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී‍.

කොරෝනා ව්‍යාප්තය මැද ජනපතිවරයාගේ මැදිහත්වීමෙන් මාරන්හාවෝ දිස්ත්‍රික්කයේ ජනතාව ඒකරාශී කිරීම ඔහුට එරෙහි චෝදනාව වන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දී තිබුණේ ජනාධිපතිවරයා ජනතාව ඒකරාශි කළේ සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොදක්වමින් බවයි.

මීට අමතරව කොවිඩ් වසංගතය හමුවේ රටේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමට හෝ නියමිත වේලාවට එන්නත් ලබා දීමට හෝ නොහැකි වූ බැවින් මිනිස් ජීවිත බිලි දුන්නා යැයිද බ්‍රසීල ජනපතිවරයාට සාපරාධී චෝදනා ද එල්ල වී තිබෙනවා.

Share This