

කොවිඩ් අස්සේ පැමිණි “යාස් ” නිසා ඉන්දියාව තවත් පීඩාවට
කොවිඩ් වසංගතය හමුවේ දරුණු පීඩා විඳින ඉන්දියාවට මේ දිනවල යාස් සුළි කුණාටුවෙන්ද බලපෑම් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉදිරි පැය 24 ඇතුළත ඔඩීෂා සහ ජාර්කන්ඩ් යන වෙරළබඩ ප්‍රාන්තවලට ඉන් වැඩි බලපෑමක් ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙන්නේ.
මේ වන විට එම ප්‍රදේශ හරහා පැ.කි.140ත් 155ත් අතර වේගයකින් සුළං හමායන අතර මිලියනයකට අධික පිරිසක් ආරක්‍ෂිත තැන්වලට යැවීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉන්දීය නාවික හමුදාව පවසන්නේ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.