

කොවිඩ් ආසාදිත ළමුන් දිනකට 15ක් පමණ රෝහලට -ළමා රෝහලේත් ධාරිතාව ඉක්මවා යන ලකුණු
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන් සැලකිල්ලට ගැනීමේදී ඉදිරි දින කිහිපය තුළ රෝහල් ධාරිතාව ද ඉක්මවා යනු ඇති බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසන්නේ
දිනකට රෝහලෙන් ළමුන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බවත්,දරුවන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වෙලා තිබෙන බවත් ඔහු සඳහන් කරනවා
මේ වනවිට රෝහල තුළ තබා ගැනීමටත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා
එමෙන්ම රෝහල තුළ රෝගීන් 70 ගණනකට දෛනිකව ප්‍රතිකාර කරනවා.
බොරැල්ල ප්‍රදේශයේ, රාජගිරියේ වෙනත් ගොඩනැගිල්ලකුත් ලබා ගත්තා කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා.
මේ යන තත්ත්වය අනුව ඒ ඉඩකඩ මදි විය හැකි බවත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ තවත් ස්ථානයක් දැනට සොයාගෙන තිබෙන බවත් ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා
එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 6යි තියෙන්නේ. ඒ 6ම දැන් පිරි තිබෙන බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා සිටිනවා