

කොවිඩ් නිසා වැඩි වශයෙන් වැළඳෙන කළු පුස් රෝගයෙන් මොළයට සහ පෙනහළුවලට බලපෑම් වන හැටි
ඉන්දියාවේ කොවිඩ් 19වසංගතය හමුවේ බහුලව පැතිර යන දුර්ලභ ආසාදනයක් වන “කළු පුස් රෝගය ” සඳහා භාවිතා කරන දිලීර නාශක ඖෂධ හිඟයකට ඉන්දියාව මේ වන විට මුහුණ දී ඇතැයි වාර්තා වනවා.
බොහෝ රෝගීන් ප්‍රතිකාර සඳහා ප්‍රමාද වී පැමිනෙණ බවත් දැනටමත් බොහෝ පිරිසකට පෙනීම නැති වී ඇති අතර, ආසාදනය මොළයට ළඟා වීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ට ඇස් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.
මහාරාෂ්ට්‍ර සෞඛ්‍ය අමාත්‍ය රාජේෂ් ටෝපේ කියා සිටින්නේ මෙම රෝගය ආසාදිතයින් 1,500 ක් තම ප්‍රාන්තයේ සිටින බවත් එය ඉන්දියාවේ කොවිඩ් -19 දෙවන රැල්ලට වඩාත්ම බලපා ඇති කර තිබෙන බවත්ය.
පසුගිය වසරේදී කොවිඩ් වෛරසය පැතිරීම ආරම්භ වූ දින සිට මේ දක්වා පුද්ගලයින් කළු පුස් රෝගයෙන් 52 දෙනෙකු මියගොස් ඇති බව මහාරාෂ්ට ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් පවසනවා.
තවද ගුජරාට් ප්‍රාන්තයේ නිලධාරීන් පවසන්නේ පසුගිය මාසයේදී “කළු දිලීර” රෝගීන් 900 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් නගරයේ ෆාමසි හිමිකරුවන් පවසන්නේ මීට පෙර එන්නත පහසුවෙන් ලබා ගත හැකි වූ නමුත් සති තුනකට පෙර සිට ඉල්ලුම ඉහළ ගිය බැවින් එය මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි
මෙම රෝගය මොළය සහ පෙනහළුවලට බලපාන අතර පිළිකා රෝගීන් හෝ එච්.අයි.වී / ඒඩ්ස් ඇති පුද්ගලයින් , දියවැඩියා හෝ දැඩි ලෙස ප්‍රතිශක්තිකරණයට ලක් නොවූ පුද්ගලයින් තුළ භයානක ප්‍රතිඵල ඇති කරන බවයි වෛද්‍යවරු අනතුරු අඟවන්නේ.