

කොවිඩ් පැතිරීම වේගවත් වීම නිසා රාජ්‍ය සේවකයන් ගැන ගත් තීරණය
කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගැනීම නිසා රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර රැසක් ගැනීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා
රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මවුවරුන්ට නිවෙසේ සිට සේවය කළ හැකි වන පරිදි පහසුකම් සැලසීමට තීරණය කර තිබෙනවා .
ඒ අනුව රාජ්‍ය සේවයට කැඳවීම සතියකට මුර 02ක් වශයෙන් වෙන් කොට රාජකාරියට කැඳවීමට නියමිතයි.
එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු වයස අවුරුදු 18ත් 30ත් අතර අයට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා
මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය පිළියෙල කෙරෙමින් පවතින බවත් එය අද (06දා) නිකුත් කිරීමටත් නියමිත බවයි වාර්තා වන්නේ