

කොවිඩ් මරණ හමුවේ නැවතත් බ්‍රසීලය පෙරමුණට
ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වීම අතින් ඉන්දියාව අභිබවා නැවතත් බ්‍රසීලය ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වනවා.ගත වූ පැය 24 ක කාලය තුළ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 2760 සහ ආසාදිතයන් 88992 ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 38 ඉක්මවා තිබෙනවා.