

කොවිඩ් මාරයාගේ උපන් ගෙය වූ චීනය ‘වසංගතය මැඩලමින් ‘එක්සත් රාජධානියේ වෙළඳපොළත් අතට ගත් හැටි
වෙළෙඳ ගනුදෙනු විධිමත් මට්ටමින් වාර්තාගත කිරීම ආරම්භවීමෙන් පසු චීනය පළමු වතාවට ජර්මනිය අභිබවා යමින් එක්සත් රාජාධානියේ විශාලතම තනි ආනයන වෙළෙඳපොළ බවට පත්ව ඇති බව බීබීසී වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාන කාර්යාලය (ONS)) පවසන ආකාරයට 2018 වර්ෂය ආරම්භයේ පටන් චීනයෙන් සිදුවූ භාණ්ඩ ආනයනය 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් 66%කින් ඉහළ යමින් ස්ටර්ලිං පවුම් බිලියන £16.9ක ($24bn) වෙළෙඳාමක් බවට පත්ව තිබෙනවා.
ජාතික සංඛ්‍යාන කාර්යාලය (ONS) විසින් නිකුත්කරනු ලැබ තිබෙන වාර්තාවේ අරමුණ වී තිබෙන්නේ යුරෝපා හවුලෙන් ඉවත්වීමෙන් (බ්‍රෙක්සිට්) අනතුරුව සහ කොවිඩ්-19 වසංගතය එක්සත් රාජධානියේ භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි බලපා ඇති ආකාරය තක්සේරු කිරීමයි.
මුඛ ආවරණ(masks) සහ වෙනත් පෞද්ගලික ආරක්ෂක උපකරණ සඳහා භාවිත කෙරෙන චීන රෙදිපිළි ආනයනය කරනු ලැබීම ඉහළ ගොස් ඇති අතර විදුලි උපකරණ සඳහාත් විශාල ඉල්ලුමක් ඇති බව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරෙන බවයි බීබීසී සඳහන් කර ඇත්තේ.
කොවිඩ්-19 වසංගතය මැඩලමින් මතු වූ පළමු විශාල රට බවට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳාමේ වර්ධනයක් සහිත එකම ප්‍රධාන ආර්ථිකය සහිත රට චීනය බව ද එහි සඳහන්.