

කොවිඩ් වසංගතයේ ආරම්භය ගැන යළි කතා බහක් – නැවතත් අවදානය චීනය දෙසට
ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින කොවිඩ් 19 වසංගතය ආරම්භ වූයේ චීනයෙන් බවට මත පළ වන තවත් සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ 2012 වසරේදී චීනයේ පතලක් ආශ්‍රිතව සේවය කළ පුද්ගලයින් කණ්ඩායමකට හඳුනා නොගත් රෝගයක් වැළඳී ඇති අතර ඉන් තිදෙනෙක් මිය යාමේ සිද්ධියක් සම්බන්ධවයි.
ඔවුන් සේවය කළ එම පතල ආශ්‍රිතව වවුලන් බහුලව සිටින බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම සිදු වීම හා කොවිඩ් 19 වෛරසයේ ආරම්භය අතර සම්බන්ධයක් ඇත්දැයි යන්න සෙවීමට මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.