කොවිෂීල්ඩ් එන්නතේ කාර්යක්ෂමතාව ගැන මෙරට පර්යේෂණ තහවුරු කළ දේ

කොවිෂීල්ඩ් එන්නතේ කාර්යක්ෂමතාව ගැන මෙරට පර්යේෂණ තහවුරු කළ දේ

කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කොවිඩ් කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව පර්යේෂණ වලින් තහවුරුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එමෙන්ම එම පුද්ගලයින් ප්‍රමාද වී හෝ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා.

ඒ අනුව කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයන්ගේ ප්‍රතිදේහ නිර්මාණය වීම සියයට 93.4ක් වන බව ද ඒ මහතා පෙන්වා දුන්නා.

Share This