

ගංගා ආශ්‍රිතව පාරිසරික දූෂණය වැළැක්වීමට පියවර
ගංගා ජලය මෙන්ම ඒ අවට පරිසරයට සිදු කරන කැලිකසළ බැහැර කිරීම් ආශ්‍රිත පාරිසරික දූෂණයන්ගෙන් ගංගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා පියවරක් වශයෙන් සියලුම ගංගාවල රක්ෂිත මායිම් සළකුණු කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙනවා.
ගංගා පද්ධතිය ආශ්‍රිතව පිහිටි විවිධ ව්‍යාපාරික ස්ථාන මෙන්ම ඒ ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාව විසින් එක්රැස් වන අපද්‍රව්‍ය සියල්ල ගංගා පද්ධතියට බැහැර කරන බව පෙනී ගොස් ඇති බවත් දැනට හඳුනාගෙන ඇති පරිදි එවැනි ස්ථාන 10,733ක් සමස්ත ගංගා පද්ධතිය ආශ්‍රිතව හඳුනාගෙන ඇති බවත් සඳහන්.
සියලුම ගංගාවන් ආවරණය වන පරිදි රක්ෂිත මායිම් සළකුණු කිරීමේ වැඩ පිළිවෙළ කැළණි ගඟෙන් පළමුව ආරම්භ කරන්නැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ මෙරට මේ වනවිට දූෂිතම ගංගාව වන්නේ කැළණි ගඟ බවයි
එමෙන්ම ඊට අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් මධ්‍යම පරිසර අධිකාරිය විසින්සිදු කළ සමීක්ෂණයක දී හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්ථාන 577ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් 797ක් ද වාර්තා වී ඇති බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කරන්නේ.
කැළණි ගඟ ආශ්‍රිතව ගංගා රක්ෂිතය සළකුණු කිරීමෙන් අනතුරුව එහි වෙසෙන අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා අතර ඔවුන් සඳහා නිවාස යෝජනා ක්‍රමයන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කිරීම යෝජිතයි
කැළණි ගඟ සංරක්ෂණ කටයුතුවල දී විශේෂ සංරක්ෂිත කළාපයක් ලෙස හංවැල්ලේ සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ කළාපය නම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.