ගත වූ දින 17 තුළ වෛද්‍යවරු 114ක් කොවිඩ් නිසා මිය ගිය රටක්

ගත වූ දින 17 තුළ වෛද්‍යවරු 114ක් කොවිඩ් නිසා මිය ගිය රටක්

කොවිඩ් වෛරසය පැතිර යාම වේගවත්වීමත් සමඟ, ගත වූ දින 17 තුළ පමණක් ඉන්දුනිසියාවේ වෛද්‍යවරුන් 114 දෙනෙකු වෛරසයට ගොදුරුවී මරණයට පත්ව තිබෙනවා.

ඉන්දුනිසියාවේ සීඝ්‍රයෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන අයුරු දක්නට ලැබෙන අතර, ගතවූ පැය 24 දී පමණක් එරටින් කොරෝනා මරණ 1093ක් වාර්තා වුණා.
ගතවූ දිනයේදී එරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 45,000කට ආසන්නයි.

ඊයේ දිනයේදී ලොව රටකින් වාර්තා වූ ඉහළම කොරෝනා මරණ වාර්තා වූ රට බවටද ඉන්දුනිසියාව පත්වුණා.

Share This